ටික්ටොක් සමාජ මාධ්‍යයේ පලවූ වීඩියෝවක් සම්බන්දව ඇති කරගත් ආරවුලක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී තරුණයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනය වී ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවු වැල්ලම්පිටිය ප්‍රදේශයේ තරුණයෙකි.
ඊයේ (03) දහවල් මෙම තරුණයා ඔහුගේ මිතුරන් දෙදෙනකු සමග මාදම්පිටිය මාර්ගයේ හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය දෙසට යමින් සිටින විට ඔවුන් පිටුපසින් පැමිණි මෙම තරුණයාව හඳුනන තවත් පිරිසක් විසින් අදාල ටික්ටොක් වීඩියෝව සම්බන්දව තරුණයා සමග ආරවුලක් ඇති කරගෙන ඇති අතර පසුව අදාල තරුණයාට තියුණු ආයුධයකින් පහර දී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
පහරකෑමෙන් තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරිමේදි මියගොස් ඇති අතර ඝාතනය සිදුකල සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයිද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි.