ඥානසාර හිමියන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් "අපේ ජන බල පක්ෂය" ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය.
"අපේ ජන බල පක්ෂය" විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එම දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ගත් තීරණය බලරහිත කරන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු එම පක්ෂයේ අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ද ඇතුලු පිරිසක් ඇතුලු පිරිසක් නම් කොට ඇත.
"අපේ ජන බල පක්ෂය" විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ අන්තර්ගත දිවුරුම් පෙත්සමක දෝෂයක් ඇතැයි කියමින් එම නාමයොජයා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට බලයක් නොමැති බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ෙමේ හේතුවෙන් අදාළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරනනැයි ඉල්ලා සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

