ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව සපයන බවට ජනපතිට සහතිකයක්
මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනයට තම අමාත්‍යාංශය සූදානම් බවට බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහතික වෙයි.
ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමයක් වැය කෙරේ. ලබන වසරේ සිට අවශ්‍ය කොඩි ප්‍රමාණය ඉහළ ප්‍රමිතියකින් මෙරටදීම නිෂ්පාදනයට බතික් සහ අත්යන්ත්‍ර ක්ෂේත්රයේ නිරත නිෂ්පාදකයන් සූදානම් බව දයාසිරි ජයසේකර මහතා කියා සිටී.
බතික් නිර්මාණයක් ලෙස කළ ජාතික ධජ ඊයේ (30) පස්වරුවේ ජනපති නිවසේ දී ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
popular news
-
Wimal Sunday, 01 November 2020 02:09 PM
American saha chinese kodith made in srilanka karamu,Honda illum thibewi. Rilassirige molaya .Sa ge tools
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

