ජල සම්පාදන වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
ජල සම්පාදන සේවකයින් මාර්තු 13 වනදා සිට ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඉල්ලා සිටි ඉල්ලීම් කිසිවකට පිළිගත හැකි ප්‍රතිචාර බලධාරීන්ගෙන් නොලැබීම නිසා එම වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට තීරණය කළ බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානය පවසයි.
ඒ අනුව ඉංජිනේරුවන් ඇතුලූව ඇතුලූව සියලූ විධායක නිලධාරීන් අකුරට වැඩ ව්‍යාපාරයක් දිගටම ක්‍රියාත්මක කරන බවත් පරිපාලනයට සතියක කාලයක් ලබා දී ඇති අතර පිළිගත හැකි ප්‍රතිචාර නොලැබෙන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග වලට යොමුවන බවත් එම සන්ධානය පවසයි.
මේ අනුව සියලූම කළමණාකාරීත්ව රැස්වීම්, ප්‍රගති රැස්වීම් වර්ජන කිරීම. වාර්ථා සැපයීම් නොකර සිටීම, භාණ්ඩ සහ සේවා මිලදී ගැනීම්වලට අදාල ටෙන්ඩර් ඇගයීම් කටයුතු නොකර සිටීම, ජල සම්පාදන විසන්ධි කිරීම් වැඩසටහන් නොකිරීම යන ක්‍රියාමාර්ගවලට මේ වන විට යොමුව ඇති බව ඒම සන්ධානය වැඩිදුරටත් පවසයිත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                