ජපානයට ආයේජනය කළ හැකි හොඳම ප්‍රදේශය මහින්ද කියයි
ජපාන ව්‍යාපාරිකයන්ට ආයෝජනය කළ හැකි හොඳම රට ශ්‍රී ලංකාව බවත් හොඳම ප්‍ර දේශය හම්බන්තොට බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජපානයේ කියෝඩා මාධ්‍ය ආයතනය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
රට සංවර්ධනය කිරිමට රජයේ දේපල අලෙවි කිරීම අවශ්‍ය නොවන බවත් රටේ සම්පත් උපයෝගී කරගෙන රට සංවර්ධනය කළ හැකි බවත් ඔහු සඳහන් කර තිබේ.
දේශීය සම්පත් අලෙවි කිරීම තම ප්‍රතිපත්තිය නොවන බවත් ඔහු සඳහන් කර තිබේ.
popular news
-
Champa Saturday, 26 January 2019 10:00 PM
විදේශ ආයෝජකයන් ගැන කතා කරන කොට අපේ දේශපාලන නායකයෝ දැන් රටේ සහ ලෝකේ තත්වය අනුව හිතන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ යුද්ධ තිබුන කාලේ අපේ රටට ආයෝජකයෝ ගෙන්න ගන්න අපිට හුඟක් දේවල් offer කරන්න වුනා. මට මතක හැටියට අවුරුදු 10කද කොහෙද බදු සහන දුන්න. මම දන්නා විදිහට මෝඩ ආණ්ඩුව දැන් අවුරුදු 25ක බදු සහන දෙනවා. වතුර විදුලිය අපද්‍රව්‍ය ඉවත් කිරීම වගේ හැම එකටම සහන දෙනවා. දැන් මෙහෙම් කරන්න අවශ්‍ය නැහැ. ඇත්තම කියනවා නම් දැන් බදු සහන දෙන්න ඕනෙම නැහැ. බදු සහන නවත්තන්න ඕනේ. අනික් රටවල වගේ බදු ගෙවල ආයෝජන කරන්න කියන්න ඕනේ. අනිත් එක තව දුරටත් ණය ගන්නත් අවශ්‍ය නැහැ. මේ කතාවේ අනිත් ඒවාට එකඟයි. අපි හුගක් සම්පත් තියෙන රටක්. නමුත් ඒවා පාවිච්චියට ගන්න හැටි දන්නේ නැහැ හෝ උවමනාවක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

