ජනමාධ්‍ය සඳහා යම් නියාමනයක් අවශ්‍යයි
වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී එක් වෙමින් පැවසීය.
සමාජ මාධ්‍ය මඟින් ජාතිවාදය ඇවිස්සීමට ගන්නා උත්සහය පාලනය කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා මෙහිදී පැවසීය. එවැනි දේ පාලනය වෙනුවෙන් සිංගප්පූරුවේ නව පනතක් සම්මත වූ බවත්, එය ද අධ්‍යයනය කර නව වැඩපිළිවෙලක් සැකසිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙහිදි කීවේය.
පුරවැසියන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත් පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා උපදේශක කාරක සභාවේ දී අවධාරණය කළේය.
ජනමාධ්‍ය මඟින් සමස්ත පුරවැසි අයිතීන් ආරක්ෂා කළ යුතු බව ද හෙතෙම පැවසීය. අසාධාරණ මඩගැසීම් පාලනය කළ යුතු බවත්, ජනමාධ්‍ය සඳහා යම් නියාමනයක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජනමාධ්‍ය ආයතන වලට ස්වයං නියාමන ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව 2015 වසරේදී සාකච්ජා වූ බවත්, එම වැඩපිළිවෙල නැවත ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මෙහි දී අවධාරණය කළේය. සිවිල් පුරවැසියන්ට මාධ්‍ය මඟින් සිදු කරන හානිය සුවිශාල බව ද ඔහු පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අයි නාලිකාව මඟින් පාර්ලිමේන්තු සභාවාර විකාශය කිරීම නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ජා විය.
popular news
-
kolla Sunday, 22 November 2020 06:43 PM
yes people asked for military government they are giving it.. don't expect brave leaders from stupid voters..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

