ජනපති හා විපක්ෂයේ හිටපු මන්ත්‍රීන් අතර විශේෂ හමුවක් හෙට
සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී කණ්ඩායමක් හෙට (06) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමට නියමිතය.
කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් ඊට ගත යුතු පියවර සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සිදු වන්නේ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීමකට අනුවය.
ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරුන් අතර මෙම හමුව කොටුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම නිසා ජනතාවට මුණ දීමට සිදුවන ගැටලු පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ජනාධිපතිවරයා හමුවේ කරුණු දැක්වීමට නියමිතය.

popular news
-
Champa Sunday, 05 April 2020 06:00 PM
ජනාධිපතිතුමා ආණ්ඩුවේ මන්ත්‍රීන් හම්බ වෙනවා නම් දැක්කෙම නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

