ජනපති යළිත් පොදු අපේක්ෂක කරන්න ශ්‍රීලනිප - එජාප ඇමති සාකච්ඡාවක්
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම ඉදිරිපත් විය යුතු බවට යහපාලන රජයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් දෙපිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.
පවතින දේශපාලන වාතාවරණය යටතේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට වැඩිම සුදුසුකම් ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාටම බව දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවකදී කතාබහ වී ඇත. ඇමති මහින්ද අමරවීර, නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න, ඇමති මංගල සමරවීර, ඇමති මලික් සමරවික්‍රම යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
සුළු ජාතික ඡන්ද ලබාගැනීම සඳහා එකම සුදුස්සා මෛත්‍රීපාල සිරිසේන මහතා බව දෙපාර්ශ්වයේම අදහස වී තිබූ බවද සඳහන් වේ. මීට අමතරව එක් පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමේ අසීරුතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති අතර, දෙමළ හා මුස්ලිම් ජනතාව වැඩි කැමැත්තෙන් සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බවද අනාවරණය කර ඇත.
දයාසිලි ලියනගේ (ඉරිදා ලංකාදීප)

popular news
-
ananda Monday, 08 October 2018 11:03 AM
ඕනෑම බොරුවක් 100, 1000, වාරයක් නැවත නැවත කියන විට සත්‍යක් ලෙස පෙනෙනු යනු අතැයි මොවුන් සිතනවා විය හැක.එජපායේ තීරන ගනු ලබන්නේ ඩාර්ලි පාරේ නොව සිරිකොතේදී පමනක් බව මතක් කර ගත්තොත් මැනවි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

