ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්රමුඛ අපේ රජය පසුගිය මාස කිහිපය තුල මේ රට පාලනය කර ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුල ඇති වු විශ්වාසය සදහා ලබා දුන් සහතිකයක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිළුලය සමඟ ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
මැතිවරණ ජයග්රහණයෙන් පසුව සිය පාක්ෂිකයින් අමතා වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා ,
කොවිඩ් 19 පාලනය අතින් අපි රටක් ලෙස ගොඩක් ඉදිරියෙන් සිටියා. වෙනත් නම ගිය සංවර්ධිත රටවල් මේ සදහා අසමත් වෙද්දී අපි රජයක් ලෙස මෙය හොදින් පාලනය කරා. ඒ වෙනුවෙන් විපක්ෂය නැඟු අවලාද ජනතාව පිලිනොගන්නා බවට ලබා දුන් සහතිකයක් මෙවර මැතිවරණයේ දී ලැබී තියෙනවා. ඒ සමඟම ජනතාව ලබා දුන් බලය හරියාකාරව භාවිතා කරමින් ජනතා සිතුම් පැතුම් ඉටු කිරීම ජය ලැබු ජනතා නියෝජිතයින්ගේ ද වගකීමක් වෙනවා.
මෙවර මැතිවරණය ගාල්ල දිස්ත්‍රික්කයේ ඉතාම අපහසු අයුරින් මම සිදුකලේ. අපේම කණ්ඩායමේ පිරිසක් ඡන්දය ලබා නොදෙන ලෙස පවසමින් සිටන අවස්ථාවක මා කෙරෙහි විශ්වසය තැබු ගාල්ල දිස්ත්‍රික්කයේ 84,000 කට වැඩි ජනතාවට මා ස්තූතිවන්ත වෙනවා. එසේම ජනාධිපතිවරයා සෑම අපේක්ෂකයෙකුටම කිසිදු වෙනස් කමකින් තොරව ලබා දුන් සහාය මෙහිදී මතක් කල යුතුයි. ඒ වගේම මා වෙනුවෙන් මේ පසුගිය මැතිවරණයේ දී නොයෙක් අයුරින් සහාය දුන් සියලු දෙනාම රැකබලා ගැනීමේ වගකීම මා අද සිට භාර ගන්නවා. ඔවුන්ට කිසිදු අවස්ථාවක මා හට සහය දීම නිසා යම්කිසි අවැඩක් සිදුවන්නේ නම් ඒ සදහා සෘජුව මැදිහත් වීමට ද මා බලපොරොත්තු වෙනවා.
සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට ද මෙවර ජනතාව හොද කනේ පහරක් ලබා දී තියෙනවා. අරයාට වඩා මට ලැබුනා , අරයා හිතපු තරම් ලැබුනේ නෑ කියලා සතුටු වෙනවා ඇරෙන්න මේ අයට දැන් කිසිම දෙයක් ඉතුරුවෙලා නෑ. ජනතා විමුක්ති පෙරමුණටත් ජනතා මතය ගැන සිතීමට ජනතාව නැවත අවස්ථාවක් ලබා දී තියෙනවා.
