ජනපති සෝමාවතී පුදබිමට - හෙලිකොප්ටර් ගොඩබෑමට යානාංගනයක්
ජනතාවට සහ රටට සෙත් පතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාර පුද බිමේ අද (30) පෙරවරුවේ පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් විය.
සෝමාවතී පුදබිමට පැමිණි ජනාධිපතිවරයා රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
සෝමාවති සෑ රදුන් වෙත සිදු කෙරුණු කප්රුක් පූජාවට ද ජනාධිපතිවරයා සහභාගී විය.
සෝමාවති පුදබිම බොහෝ අවස්ථාවල ගංවතුර තත්වයන්ට ලක් වෙයි. සෝමාවති රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පරිදි, එවැනි ආපදා තත්ත්වයකදී සහය විය හැකි ආකාරයෙන් ගුවන් හමුදාව ඉදිකළ “හෙලිකොප්ටර් යානාංගනය” ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණ. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ද ඊට එක් විය.
popular news
-
Don Saturday, 30 May 2020 05:29 PM
ලංකාවේ ජීවත්වන ඔක්කොම වෙනුවෙන් එක්කෙනෙක් වැඳ පුදාගෙන කරපු පවු සොධාහැරියනම් ඉවරයි. ඔක්කොම හාමුදුරුවෝ වෙනුවෙන් එක්කෙනෙකුට ධාන මාන කරනම් හරි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

