ජනපති සිටිය නිසා කොරෝනාව පරාජය කරන්න අපිට පුළුවන් වුණා - රමේෂ්
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීම නිසා අපට ශක්තිමත්ව පෙනී සිටිමින් මේ මාරාන්තික කොරෝනා රෝගය පාලනය කළ හැකි වු බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේ ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු පිළිගැනීම සඳහා ගාල්ල කහදුව ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.
තවදුරටත් කතාකළ අමාත්‍යවරයා ,
“වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදිය හැකියි. තේ පොල් රබර් පමණක් නොව රටේ වගාකළ හැකි සෑම භෝගයක්ම වගාකළ හැකි පසුබිම සකස් කරනවා.
සුළු අපනයන භෝග ක්ෂේත්රයේත් තේ වගාවෙදීත් පසුගිය කෙටි කාලය තුළ විශාල දියුණුවක් ඇති වුණා. තේ වගාවට හොඳ මිලක් ලැබුණා. ඒ උසස් තත්ත්වයෙන් තේ නිෂ්පාදනය කළ නිසයි. කුඩා තේ වතු හිමියන් දැන් විශාල උනන්දුවකින් කටයුතු කරනවා. තේ දලු සඳහා හොඳ මිලක් ලැබෙනවා.තේ වගාව මෙන්ම රබර් හා පොල් වගාව කෙරෙහිත් අවදානම යොමු කළ යුතුයි.

popular news
-
Demuni Uduwara Monday, 17 August 2020 12:25 AM
Say thank to entire health personnel not to GR.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

