ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, දිවයින පුරා සිදුවූ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ වාර්තාව මේ වනවිට සකස්කර අවසන් කර තිබේ.
එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට නියමිත බව අදාළ කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා පැවසීය.
මේ අතර අද පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ ගෑස් ආශ්රිත පිපිරීම් 18ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.
එසේම දෙසැම්බර් මාසයේ ගතවූ දින 16 තුළ පමණක් ගෑස් ආශ්රිත සිදුවීම් 700කට ආසන්න සංඛ්‍යාවක් සිදුවී ඇති බව පොලිසීය වැඩිදුරටත් සඳහන් කළේය.
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් ගෑස් සිලින්ඩර පිපිරීමෙන් සිදුවූ හානිවලට වන්දි ඉල්ලා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඉදිරිපිටදී අද (17දා) පෙරවරුවේ විරෝධාතාවකද නිරත විය.