ජනපති කොමිෂන් සභා 17ටකෝටි 27ක් වැය කරලා
	2005 වසරේ සිට 2013 දක්වා අතර කාලයේදී පත්කළ ජනාධිපති කොමිෂන් සභා 17 ක් වෙනුවෙන් රුපියල් කෝටි 27 ක් වැය කර ඇති බව ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී හෙළි විය.
	ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස රජය මෙම තොරතුරු හෙළි කළේය.ඉන් එක් කොමිෂන් සභාවක් හැර සෙසු කොමිෂන් සභා වාර්තා ඉදිරිපත් කර ඇති අතර, ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි දිසානායක මහතා ප්‍රශ්න කළේය.
	ඊට පිළිතුරු දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ එසේ කිරීමේ නීතිමය අවශ්‍යතාවක් නොමැති බවත් පනත අනුව එකී වාර්තා ලබා දිය යුත්තේ ඒවා පත්කළ බලධාරියා වන ජනාධිපතිවරයාට පමණක් බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
	කෙසේ නමුත් ජවිපෙ නායකයා කියා සිටියේ එතරම් මුදල් ප්‍රමාණයක් වැය කර පත්කළ කොමිෂන් සභා පිළිබඳ තොරතුරු දැනගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                