ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (22) එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව ඇත. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්රධානත්වයෙන් නිව්යෝක් නුවරදී සමුළුව ඊයේ ආරම්භ විය.
හෙට පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වැනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදහස් දැක්වීමට නියමිතව ඇත.