ජනපතිගේ තීරණයට හර්ෂගෙන් තුති
සුවසැරිය ගිලන් රථ සේවාවේ අධ්යක්ෂ මණ්ඩලයේ නිල කාලය යළිත් දර්ඝ කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.
ඒ අනුව දුමීන්ද්ර රත්නායක මහතා ප්රමුඛ අධ්යක්ෂ මණ්ඩලයේ නිල කාලය තවත් වසර තුනකින් දීර්ඝ කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව හර්ෂද සිල්වා මහතා පවසයි.
මේ පිළිබඳව සිය ෆේස්බුක් පිටුවෙන් අදහස් දැක්වූ හර්ෂද සිල්වා මහතා,
සුවසැරිය ආරම්භ කරන විට මා විසින් යෝජනා කර එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ සුවසැරිය අධ්යක්ෂ මණ්ඩය මෙම සේවාව මෙවැනි ජය ටැඹක් කරා ඔසවා තබන්නට ඇප කැපවී කිසිදු වරප්‍රසාදයක් නොගෙන කටයුතු කළා. අපගේ රජය පරාජයට පත්වීමෙන් පසුව මා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ මෙම වටිනා සේවය දේශපාලනීකරණය කර විනාශ නොකරන ලෙසයි. ඔහු එම ඉල්ලීමට සවන් දෙමින් මා යෝජනා කළ අධ්යක්ෂ මණ්ඩලයේ ධූර කාලය දීර්ඝ කළ අතර පසුගියදා යළිත් ඔවුන්ගේ ධූර කාලය අවසන් වුණා.
මා කළ යෝජනාව දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව පිළිගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුවසැරිය පදනමේ සභාපතිවරයා ලෙස දුමින්ද්‍ර රත්නායක මහතාත්, අධ්යක්ෂවරුන් ලෙස මහාචාර්ය අසිත ද සිල්වා මහතාත්, සන්ධ්‍යා සල්ගාදු මහත්මියත්, විජය මලලසේකර මහතාත් යළි අවුරුදු 03 කට පත්කර තිබෙනවා.
ඔවුන් පුද්ගලික අංශයේ ඉහළම තනතුරු දැරූ කිර්තීමත් වෘත්තීයවේදීන් වන අතර සුවසැරිය පදනමේ අනිකුත් අධ්යක්ෂ ධූර 03 සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා නියෝජනය කරමින් චම්පිකා පතිරණ මහත්මියත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නියෝජනය කරමින් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාත් පොලිස්පතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතාත් පත්වී සිටිනවා.
2018 අංක 18 දරණ පනත මගින් 1990 සුවසැරිය අධ්යක්ෂ මණ්ඩලය පත්කිරීමේ බලය ලබාදී තිබෙන්නේ ජනාධිපතිවරයාට වන අතර ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම පත්කිරීමේ බලය හිමිවූ අතර වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ වනවිට එම බලය ලැබී තිබෙනවා.
මෙම සේවාව අද යම් සාර්ථකත්වයක් ලබා ඇත්නම් මෙම සේවාව දේශපාලනීකරණය නොකිරීම හේතුවී තිබෙනවා. එවැනි ආදර්ශයක් ලබාදුන් ජනාධිපතිතුමාට මා ප්‍රණාමය පුදකරන අතර ශ්‍රී ලංකාව දියුණු කළ හැක්කේ පටු දේශපාලනයෙන් ඔබ්බට කටයුතු කිරීමෙන් පමණයි.

popular news
-
Srimahal Goonewardene Friday, 13 August 2021 03:10 PM
For the news of this correct direction, My this new thanks goes to Hon. Dr.Harsha, His Excellency the President of Sri Lanka Gotabaya and to Govt and People of India Hon. Modi. [email protected]
Reply : 0 0
නලින් Monday, 16 August 2021 04:15 PM
දේශපානයෙන් තොරව සැම මහජන සේවාවක්ම ලබාදෙන්නේ නම් ඒ හැම තැනම සාර්ථක වී ඇත. අසාර්ථක වී ඇත්තේ මහජන සේවාවන් දේශපාලනකරනය වූ විට දි පමණී. අනෙකුත් සියලු සේවාවන් ද එසේ නොවීමට කටයුතු කිරිමට අවධානය යොමු වෙිවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

