ජනපතිවරයා ලෙස මා ප්‍රමුඛතාව දුන්නේ දුගිභාවය නැති කිරිමට හා දරුවන්ගේ අධ්‍යාපනයටයි
ජනාධිපතිවරයා ලෙස තමා ප්‍රමුඛතාවය දී තිබෙන්නේ ජනතාවගේ දුභිභාවය නැති කිරීමටත් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පාසල් කිහිපයක සිදු කෙරුණු සංවර්ධන කටයුතු අද (05) පෙරවරුවේ සිසු අයිතියට පවරා දෙමිනි.
මෛතී‍්‍ර පාලනයක් , තිරසර යුගයක්, පිබිදෙමු පොළොන්නරුව 2016-2020 ජනපති වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් දිස්ති‍්‍රක්කයේ පාසල් කිහිපයක නව ගොඩනැගිලි ඉදිකිරීම් ඇතුළු සංවර්ධන පහසුකම් සිසු අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
මෙහිදී දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ජනතාව උගතුන් වූ විට අනෙකුත් ගැටලූවලට ද විසඳුම් ලැබෙන බවයි. නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන විට දරුවන් රටට ආදරය කරන යහපත් පුරවැසියන් ලෙස ගොඩනැගිමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදි පෙන්වා දුන්නේ ය.

popular news
-
කපිල Saturday, 06 July 2019 07:17 AM
ඒක වෙන්න ඇති මන්ද පෝෂණයෙන් පොඩි දරුවෝ මියගියේ.
Reply : 0 0
Deepal Nirosh Sunday, 07 July 2019 01:08 PM
ඇත්ත නේන්නම, අප්‍රේල් 21 ඔප්පු කරලම පෙන්නුවේ. ආයෙ කියන්න දෙයක් නැහැ? තාමත් එහෙම වෙන්නැති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

