ජනපතිවරණය කල් දැමීමේ උත්සාහයක් - කනක
ආණ්ඩුව ජනපතිවරණය කල් දැමිම වෙනුවෙන් විවිධ උපක්‍රම භාවිත කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පැවැසීය.
අද (08දා) පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ජනපතිවරණය කල් දැමීමට උපක්‍රම සොයනවා
“මංගල සමරවිර මුදල් ඇමැතිවරයා කිව්වා මේ අයවැය මැතිවරණයක් ඉලක්ක කරගත්ත අයවැයක් නොවන බව. ආණ්ඩුව මේ කපේට මැතිවරණයක් තියන සුදානමක් නැති නිසා අපිටත් ඒකට එකග වෙන්න සිද්ධ වෙනවා. ඔක්තෝම්බර් මාසයේ ප්‍රකාශ කිරිමට නියමිත ජනාධිපතිවරණය කල් දාන්නත් නොයෙකුත් උපක්‍රම භාවිතා කරමින් ඉන්නේ.
2019 අයවැයෙන් බදු බර සියයට 21කින් වැඩිවෙලා. ජනතාවගෙන් ආදායමක් උපයාගන්නවා මිස ජනතාවට කිසිම සහනයක් නැති අයවැයක්.
එජාප පසුපෙළ කණ්ඩායම කියනවා ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරනවා කියලා. අපි දන්නවා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය නොකරන බව. අගමැතිවරයා දන්නවා මේකට විරුද්ධවුණොත් වෙන දේ.
අපි මේ චන්ඩි මන්ත්‍රීවරුන්ට අභියෝග කරනවා පුළුවන්නම් පරාජය කරලා පෙන්වන්න කියලා. දෙළ සන්ධානය අයවැයේ තීරණාත්මක සාධකයක්. ආණ්ඩුවට බහුතරයක් නැහැ. ඒ වගේම ටොරිංටන් නෝනා ශ්‍රීලනිප මන්ත්‍රීවරු 6ක් එක්ක අයවැයට සහාය දෙන්න සූදානම්වෙන බව අපිට සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනවා.
අපි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සහගහන අයවැයට සහාය දෙන්න ගිහින් තමන්ගේ දේශපාලන ජිවිතය විනාශ කරගන්න එපා කියලා ඉල්ලා සිටිනවා. අද වරප්‍රසාදවලට මුදලට පාර්ලිමේන්තුවේ ඉන්න නායකයෝ එහාට මෙහාට වෙනවා.”

popular news
-
Korala Saturday, 09 March 2019 10:35 AM
මට මතක් වෙන්නේ තවමත් ජීවතුන් අතර ඉන්න වමේ දේශපාලන නායකයෙක් වරක් කියූ දෙයක් ගැන. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් 10% කට බජට් එක ගැන තේරුම් අරන් කතා කරන්න බැරිලු. එක දෙපැත්තටම පොදුයි. ඉතින් කවුරු හරි කියයපු එකක් මාද්‍ය ඉදිරියේ කෙගහල කියල ප්‍රසිද්ද වෙන්න දඟලන කට්ටිය ගොඩක් ඉන්නවා. ප්‍රාදේශීය සභාවේ පටන්ම ඇතුලට රිංගා ගන්න මේ කට්ටිය තමන්ගේ නායකයන්ට විරුද්දව මොකුත් කියන්න බයයි මොකද තමන්ගේ දේශපාලන පවත්ම්ම තියෙන්නේ දෙකට නැමුන පමණ තමා කියල. කලින් ආණ්ඩුව කාලේ දළදා මාලිගාව වටේ කාර් තරඟ පවත්තපු වෙලාවේ මේගොල්ලෝ කොහේ හිටියද කියල පුදුමයි. දැන් එතකොට ජනාධිපති කමට ඔයාගේ තේරීම මහින්දගේ මල්ලිද නැත්නම් මයිත්‍රී ද? එක කල්දාන්න UNP කාරයන්ට බැහැනේ . මහින්දට කියල මෛත්‍රී ට පමණයි එක පුළුවන්. හැබැයි ඉතින් ගියපාර වගේ විසුරුවා දාල හත්[පොලේ ගාගෙන ලෝකෙට ම විහිළුවක් වෙන්නේ නැතුව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

