ජනපතිට බැරිවූ දේ මහින්ද කියයි
- 9 01 2019
- 20:45
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවීගිය වසර හතර තුළ බොහෝ වැඩ කටයුතු සිදුකළද, පොරොන්දු වූ ආකාරයට වංචාවට, දූෂණයට එරෙහිව කටයුතු කිරීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නිහතමානීව ඒ පිළිගන්නා බවත්, වංචාව, දූෂණය නැති කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සාහ ගත්තද බොහෝ පිරිස් ඒ සඳහා උදව් නොකළ බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
වංචාව, දූෂණය තුරන් කිරීම සඳහා අල්ලස් පනත සංශෝධනය කිරීමට කටයුතු කළත්, පාර්ලිමේන්තුවේ තවමත් එය සම්මත කර නැතැයිද අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
