ජනපතිට කෝටි 10ක බද්දක් ගෙවමින් වාහන දෙකක් ගෙන්වයි
ජනාධිපතිවරයාගේ භාවිතය සඳහා ආරක්ෂක රථ දෙකක් ආනයනය කිරීම වෙනුවෙන් සුඛෝපබෝගි බද්ද ගෙවීමට ආරක්ෂක අමත්‍යංශය විසින් රුපියල් කෝටි 10 (රුපියල් 101,000,000) කට වැඩි අතිරේක ප්රතිපාදනයක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (08)ඉදිරිපත් විය.
මීට අමතරව ජනාධිපතිවරයා වෙනුවෙන් ගමන්කථන 20ක් සහ අදාළ උපකරණ මිලදී ගැනීම සඳහා අතිරේක ප්‍රතිපාදන සැලසීම වෙනුවෙන් රුපියල් 6298000ක්ද එමගින් ඉල්ලා තිබේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගේ කාර්යාලයේ මූලධන වත්කම් පුනරුත්ථාපනය,වැඩිදියුණු කිරීම සහ අත්පත් කර ගැනීම සඳහාද රුපියල් 1500000ක් ඉල්ලා තිබේ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මීට අමතරව
සියලු දිස්ත්‍රික්කවල හරිත සමාජ පිහිටුවීම සඳහා රුපියල් 951,50000ක්
රටතුළ පවතින අයහපත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙහෙයුම් කටයුතුවල නිරතවීම සඳහා යතුරුපැදි 40ක් ලබාගැනීමට ගුවන් හමුදාව විසින් රුපියල් 18100000ක්
මියගිය හා තුවාල ලැබූ සොල්දාදුවන් සඳහා වන්දි ලබාදීමේ සුබසාධන වැඩසටහන් සඳහා වන වියදම් වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රුපියල් 209,610,000ක්
ආරක්ෂක අමාත්‍යංශයේ වාහන නඩත්තුව සහ පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම සඳහා රුපියල් 15,000,000ක්
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිවරියගේ විදේශ ගමන් සඳහා රුපියල් 2000000ක් ඉල්ලා තිබේ.
රටතුළ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙහෙයුම් අවශ්‍යතාවල නිරතවීමට කැබ් රථ 25ක් ලබාගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් 90,000,000ක්
වැඩිකරන ලද සහනාධාර ගෙවීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව රුපියල් 1000,000,000ක්
අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ මිලදීගත් වාහන සඳහා පොලී හා වාරික ගෙවීම වෙනුවෙන් රුපියල් 5717000ක්
විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ විදේශ ගමන් වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන සැලසීම වෙනුවෙන් රුපියල් 850000ක්
විදේශ දූත මණ්ඩලවල භාවිතය සඳහා (ධජ සවිකළ රථ-ඉස්ලාමාබාද්,හේග්/කාර්ය මණ්ඩල රථ ප්‍රිටෝරියා ,බීරූට්,ඩුබායි ) ලබාගැනීම සඳහා අතිරේක ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් 39,811,000ක්
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යාල පරිශ්‍රයේ ආපන ශාලාව ඉදිකිරීමට අදාළ හිඟ බිල්පත් නිරවුල් කිරීමට රුපියල් 5000000ක්
පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාගේ කාර්යලයේ අතිකාල හා දිරිදීමනා,දේශිය ගමන්,ආහාර හා නිල ඇඳුම් සහ රජයේ සේවකයන්ගේ දේපොළ ණය පොලිය ගෙවීම සඳහා රුපියල් 413000ක් ඉල්ලා තිබේ.
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මුල්‍ය කල්බදු ක්‍රමයට මිලදීගත් වාහනයේ පොලිය ගෙවීම වෙනුවෙන් රුපියල් 959000ක්
යන වියදම්ද පරිපූරක ඇස්තමේන්තුවට ඇතුළත් වෙයි.

popular news
-
Nandana Tuesday, 08 October 2019 09:18 PM
ලිප ගිනි මොළවන තෙක් දිය කෙලියේ
Reply : 0 0
ranjith Wednesday, 09 October 2019 04:30 AM
මේ වාහන ගෙන්නිල්ලෙන් රට විනාස කරනවා මේ සල්ලි මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට වියදම කරන්න බෙරිද
Reply : 0 0
Champa Wednesday, 09 October 2019 04:40 AM
මේ වාහන ඉතින් ඊළඟ ජනාධිපතිට නේ. තමන්ට බෙදා ගන්න ලෝස් නැති සියලු දේශපාලකයන් ප්‍රතික්ෂේප කල යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

