ජනපතිට කටුනායකදී රතු පලස
නේපාලයේ පැවති සිවුවන බිම්ස්ටෙක් රාජ්ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව , එහි සභාපතිත්වය හිමි වූ ශ්රී ලංකා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (02දා) රාත්රියේදී යළිත් ශ්රී ලංකාවට පැමිණියේය.
ජනපතිවරයා ගුවන් යානයෙන් බැසීමෙන් පසු රතු පලස මතින් කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරි පරිශ්රය වෙත කැඳවා ගෙන එනු ලැබිණී.
ඉන් අනතුරුව එහිදී එතුමා ඇතුළු දූත පිරිසට සෙත් පතා සර්ව ආගමික වතාවත් සිදු කළ අතර, ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස පිළිගැනීමට විශාල මැති ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
කටුනායක - ටී.කේ.ජී.කපිල


popular news
-
රජින්ද Monday, 03 September 2018 11:20 AM
මොනවා කලාටද රතු පලස..??
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

