ජනපතිගේ බලතල අගමැති හොරෙන් පවරාගෙන
ජනපතිවරයා බලතල අග්‍රාමාත්‍යවරයා විසින් පවරාගෙන ඇති බවත් පළිගැනීම සඳහා අධිකරණ පිහිටුවා ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මොණරාගල මාලිඟාවිල රජමහා විහාරයේ ආගමික උත්සවයකට එක්වෙමින් ඊයේ (03දා) ඔහු මේ බව සඳහන් කළේය.
“පාර්ලිමේන්තුවට වටලන්න කට්ටියක් බලාපොරොත්තු වෙනවා. මොන මොනවා කරයිද දන්නේ නෑ. (ආණ්ඩුව වෙනස්විය යුත්තේ) ව්‍යවස්ථාව අනුව තමයි. නමුත් ජනතා විරෝධය තියෙනවා කියන එකයි අපි පෙන්වන්නේ. මැතිවරණයක් තියන්නේ නැත්නම්, ප්රජාතන්ත්රවාදයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ රට තුළ.
අධිකරණ පිහිටුවනවානම් පළි ගැනීමට. ජනපතිවරයා දන්නේ නැතිව ජනපතිවරයාගේ බලතල අගමැතිවරයා පවරා ගන්නවානම්, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිෂමේ වාර්තාව අගමැතිවරයා පාර්ලිමෙන්තුවේදී පරාජයට පත්කරනවානම් මොකක්ද මේ රටේ තියෙන තත්ත්වය. ”

popular news
-
Dayan Tuesday, 04 September 2018 06:29 PM
මම හිතන විදියට ඔබතුමා මහත්මා දේශපාලනයේ යෙදෙනවානම් හොඳය්. හිටපු රජ්යනයකයෙක් නේද?
Reply : 0 0
Champa Tuesday, 04 September 2018 06:56 PM
ලංකාවේ ස්වාධීන අධිකරණයට කරපු ලොකුම අපහාසය තමයි දේශපාලකයන්ට හසුරුවන්න පුළුවන් විදිහට විශේෂ මහාධිකරණ පිහිටුවීම. ජනාධිපති ගැන කතා කරලා වැඩක් නැහැ හැබැයි රටේ අග්‍ර වින්ශ්චයකාර වරයා මේක කරන්න ඉඩ දීල බලා හිටපු එක තමයි ලොකුම විහිළුව. දැන් රටේ අධිකරණ පද්ධති දෙකක් තියෙනවා. එක අධිකරණ පද්ධතියක ලොක්ක අග්‍ර විනිශ්චයකාරවරයා. අනිත් අධිකරණ පද්ධතියේ ලොක්ක අගමැතිවරයා. ප්රජාතන්ත්රවාදය රටට ගෙනාවේ ජනාධිපතියි අගමැතියිලු. මේ තමයි ලෝකේ පලවෙනි මේ ජාතියේ ප්රජාතන්ත්රවාදී රට. අගමැතිවරයා විසින් නම් කරන නඩු පමණක් දාන, අගමැතිවරයා විසින් දුන් උපදෙස් අනුව නඩු අහන, අගමැතිවරයා විසින්ම තීන්දුවත් ලියා දෙන විශේෂ අධිකරණ පද්ධතියක් ඇති ලෝකේ ප්‍රථම මේ ජාතියේ රට. මේ තමයි යහපාලන-ලන්තයේ ප්රජාතන්ත්රවාදය.
Reply : 0 0
rocky Tuesday, 04 September 2018 07:24 PM
ජනාධිපති තුමාට ප්‍රශ්නයක් නැත් නම් ඔබට තියන අමාරුව මොකද්ද?
Reply : 0 0
rocky Wednesday, 05 September 2018 07:13 AM
හා හා හොරේ දැනුනා.. දැනුනා! ඔහොම කීවේ මොකෝ කියලා! නාමල් පුතාවත් අවා නම් වැඩේ දෙන්න හැකි යයි සිතුනා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

