ජනතාව හිතන තරම් සුඛෝපභෝගී වාහන ඇමතිවරුන්ට නෑ
ජනතාව සිතන ආකාරයේ සුඛෝපභෝගී වාහන ඇමතිවරුන්ට නොමැති බවත් ඇමතිවරුන් භාවිත කරන්නේ වසර 10ක් පමණ පැරණි වාහන බවත් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
එසේම තමන්ගේ වැඩ කිරීම සඳහා ඇමතිවරුන්ට යම් දෙයක් රජයෙන් ලැබෙනවානම් ඒ පිළිබඳව ක්‍රෝධයෙන් බැලීම සාධාරණ නොවන බවත් ඔහු පැවැසීය.
“ඇමතිවරයෙක් වශයෙන් මට වාහන තුනකට අයිතිය තියෙනවා. මම දුවන එක වාහනයක් මගේ වාහනයක් ඉතිරි වාහන දෙක පෞද්ගලික වාහන දෙකක්. දීලා තියෙන වාහන දෙකම කැඩිලා.
අද බලන්න ඇමතිවරු දුවන වාහන මොනවද කියලා. ජනතාව හිතන තරම් සුඛෝපභෝගී වාහන ඇමතිවරුන්ට නෑ.
ඇමතිවරුන්ට හැමදාම ලැබෙන්නේ තමන්ට කලින් හිටපු ඇමතිවරයාගේ වාහනය නෙමෙයි. ඊට කලින් හිටපු ඇමතිවරයාගේ වාහනේ.
මොකද කලින් හිටපු ඇමතිවරයාගේ වාහනේ තමන් එන්න කලින් කවුරුහරි නිලධාරියෙක් අරගෙන ඒක තමයි යථාර්තය.
ඔය විශය ගැන මම කථා කරන්න කැමති නෑ. මොකද වාහන බලාපොරොත්තුවෙන් බලයට ආවේ නෑ. අපි කියන්නේ හැමදේම දේශපාලඥයා දිහා වෛරයෙන් බලන්න එපා.
මිනිස්සුන්ට කරදයක් වුණාම දේශපාලඥයින්ගෙන් ආධාර බලාපොරොත්තු වෙනවා. දේශපාලඥයින්ට කියනවා පඩිවත් ගන්න එපා කියලා. හැමදේම පරිත්‍යාග කරන්න කියලා. ඒවා සාධාරණද කියලා කල්පනා කරලා බලන්න.
අපි අතර ඉන්න සමහර දේශපාලඥයෝ ඉන්නවා බස් එකේ ඉන්නේ. දේශපාලඥයන්ට හොරකම් කරලා මේවා ඕන නෑ කියලා කියන්ද ඔබට ඕන. සමහර දේශපාලඥයින්ට ඇඟිල්ලවත් දිගු කරන්න නරකයි. ඒ තරම් අහිංසක මිනිස්සු.
යම්කිසි දෙයක් ලැබෙනවානම් තමන්ගේ වැඩ කරන්න රජයෙන් ඒ ගැන ක්‍රෝධයෙන් වෛරයෙන් බලලා වැඩක් නෑ”
popular news
-
Dayan Tuesday, 15 June 2021 02:07 PM
Yes. We see when you are coming to meetings. All are coming in Alto's. Lying to fools who were elected them
Reply : 0 0
B Silva Tuesday, 15 June 2021 04:27 PM
Nalaka Hodahawa What are you talking do you think Sri Lankan people are bloody fools that they cannot make the right decision which they have been proven for last 73 years did you are trying to manipulate telling all these bullshit stories.
Reply : 0 0
Demuni Uduwara Tuesday, 15 June 2021 08:17 PM
Go home. We have patriots lot.
Reply : 0 0
sg Wednesday, 16 June 2021 12:30 AM
Ithin bus eke koochchiye yanna ennako mona tharam nihathamanida..balanna wena ratawala thiyena puruwadarsa...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

