ජනතාව වෙනස් නොවී දේශපාලන ක්‍රමය වෙනස් කරන්න බෑ

රටේ දේශපාලනයේ වෙනසක් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
මාතර, වැලිගම ප්‍රදේශයේ පැවැති ‘රට රකින, රට හදන ජනතාවාදී පාලනයක්’ යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධානය කළ ජන හමුවේදී ඒ මහතා මේ බව පැවසීය .
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ මන්ත්‍රීවරයා
අද මේ රටේ තියෙන ප්රශ්නය නායකයෙක් නැති එකද. සමහරු මෛත්‍රී මහත්තයා කෙළින් තීරණ ගන්නෙ නැහැ. කොන්ද පණ නැහැ. මතක නැහැ. හුඟක් දේවල් දැන ගන්නේ පත්තරෙන්. ඒ නිසා මේක අරාජික වෙලා තියෙන්නේ. ඒ නිසා කෙළින් තීරණ ගන්න පුළුවන්, එල්ලූම් ගහ වුණත් ගේන්න පුළුවන් කෙනෙක් බලයට ආවොත් මේ ප්රශ්නය විසඳන්න පුළුවන් කියනවා.
එහෙම හිතලා හොරකම් කළත් කමක් නෑ පරණ කට්ටියම ආයේ ගෙනැල්ලා මේ රට හදන්න පුළුවන්, ඉස්සරහට යන්න පුළුවන් කියලා තව සමහර අය කල්පනා කරනවා. අර පකිස්ථානේ වගේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගෙනත් මේක හදන්න පුළුවන් කියලා තවත් අය හිතනවා. දේශපාලනය ගැන මුකුත්ම දන්නෙ නැති අලුත්ම කෙනෙක් දේශපාලනයට ගෙනත් මේක හදන්න පුළුවන් කියලා සමහරු හිතනවා, අද සමාජ මාධ්‍ය තුළ එහෙම කිහිප දෙනෙක් කෑ හනවා. මරණාධාර සමිතියකවත් සභාපති වෙලා නැති මුකුත් දන්නෙ නැති අය කියනවා මම අවොත් මේ රටේ ණය ගෙවන්නම් කියලා. ඒවට අහුවෙන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා කුමන පාලකයෝද පත්කරගත යුත්තේ කියලා තිරණය කළ යුතුයි. මෙි දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඔින. ඒක කරන්න බැහැ ජනතාව වෙනස් නොවි. ’’ යැයි පැවසිය.
popular news
-
rocky Wednesday, 19 September 2018 06:55 PM
අදුරදර්ශී චන්ද දායකයන් බහුතරයක් සිටින රටක අවස්ථාවාදය මිස ප්‍රජා තන්ත්රවාදයය හරි හැටි කොරන්න බැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

