ඡායාරූප මාධ්‍ය වේදියාට තර්ජනය කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති නියෝමාල් රංගජීව මහතා ඡායරූප මාධ්‍යවේදියෙකුට බාධා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් විසින් වැඩබලන පොලිස්පතිවරායට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම ඡායාරූප මාධ්‍යවේදියා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිල මාධ්‍ය හැඳුනුම්පත දරන්නෙක්ද වන බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණය් පවත්වන ලෙසත් සඳහන් කරමින් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
popular news
-
Champa Saturday, 11 July 2020 04:21 PM
පැමිණිල්ලේ කියන විදිහට අමානුෂිකව අල්ලන් යන බවක් නම් පේන්නේ නැහැ. ෂර්ට් එක අයිනෙන්නේ අල්ලන් යන්නේ. ඔන්න කණ පැලෙන්න එකක් දුන්න නම් කියන්න තිබ්බ අමානුෂිකව සැලකුව කියල. අනිත් එක ඕනේ කෙනෙකුට අයිතියක් තියෙනවා තමන්ගේ ඡයාරූපයක් ගන්න යනකොට ඊට එරෙහි වෙන්න. ඒක සෑම පුද්ගලයෙකුටම හිමි පෞද්ගලික නිදහස. ජනමාධ්‍යවේදියෙකු වීම තව පුද්ගලයෙකුගේ පෞද්ගලික නිදහසට බාධා කිරීමට ලැබෙන අසීමිත බලයක් නෙමෙයි. නියම මාධ්‍යවේදියෙක් නම් පින්තූරේ ගන්න ඉස්සෙල්ල රංගජීවගෙන් අහන්න ඕනේ පින්තූරයක් ගත්තට කමක් නැත්ද කියල. හා කිව්වා නම් ගන්නවා. එපා කිව්වා නම් යන්න යනව. අලස්ගේ නඩුවට ආවනම් ගන්න ඕනේ අලස්ගේ පින්තූරයක්නේ. රංගජීවගේ පින්තූරයක් ගන්න ගියේ මොකොටද? ලංකාවේ මිනිස්සු සහ මාධ්‍යවේදියෝ ඔහේ තමන්ගේ හිතු මතේට අනුන්ගේ පින්තූර ගන්නවා. මිනිස්සු ඒවට විරුද්ධව උසාවි යන්නේ නැති එක ඒ වැඩේ අනුමත කිරීමක් නොවෙන බව මතක තියා ගන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
