ඡන්දය ප්‍රකාශ කිරිමේ කාලය දිර්ඝ කිරිමේ යෝජනාවක්
ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය දීර්ඝ කරන්නේ නම් එය උදෑසන සහ පස්වරුවේ විනාඩි 30 බැගින් වැඩිකළ යුතු බව කැෆේ සංවිධානය මැතිවරණ කොමිසමට යෝජනා කරයි.
සාමාන්‍යයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා වෙන් කර ඇති නමුත් මෙවර සෞඛ්‍ය උපදෙස් අනුව ඡන්ද විමසීම පැවැත්වීමේදී ඒම කාලසීමාව ප්‍රමාණවත් නොවිය හැකි හෙයින් කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාව මෙවර ද පැන නගිනු ඇත.
මෙලෙස පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂක ප්‍රමාණය ඉහළ යාම නිසා සහ ඡන්ද පත්‍රිකාවේ දිග ප්‍රමාණයත් වැඩිවීම යන කරුණු හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබාදී තිබූ කාලය පැයකින් දීර්ඝ කළ අතර එහිදී පස්වරු 5 දක්වා ඡන්ද විමසීම පැවැත්විණ.
නමුත් එම මැතිවරණය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වූයේ එම දීර්ඝ කරන ලද කාලසීමාවේදී ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා අවම මට්ටමක පැවති බවයි. එමෙන්ම පොළොන්නරුව,හම්බන්තොට,මාතලේ ආදී දිස්ත්‍රික්කවල දුර බැහැර ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි රැගෙන එමේදී වනඅලි ප්‍රශ්න සහ ආරක්ෂාව පිළිබඳ ගැටලු ආදී විවිධ තර්ජනයන් රැසකටද මුහුණු දීමේ අවධානමක් පැවතිණ.
මේ අතර පැවති මැතිවරණ සියල්ලම පාහේ නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වූයේ පෙරවරු 7ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡනතාව පෝලිම් ගැසී සිටින ආකාරයයි.
මෙම තත්ත්වයන් පිළිබද සලකා බැලීමේදී පැහැදිලි වන්නේ ඡන්දය ප්‍රකාශකිරීමේ කාලය පැයකින් දීර්ඝ කරන්නේ නම් එය සවස් කාලයේ දීර්ඝ කිරීමට වඩා උදය කාලයෙන් විනාඩි 30ක් සහ සවස් කාලයෙන් විනාඩි 30ක් බැගින් දීර්ඝ කිරීම උචිත බවයි.
ඒ අනුව පෙරුවරු 6.30 සිට පස්වරු 4.30 දක්වා ඡන්දය පැවැත්වෙන්නේ නම් බොහෝ ප්‍රායෝගික ගැටලු රැසක් අවම කර ගත හැකි බව යෝජනා කරමින් කැෆේ සංවිධානය මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.

popular news
-
Chinthaka Tuesday, 23 June 2020 04:35 AM
chandaya dena welawa sawasa haya dakwaa wadi karanna.
Reply : 0 0
චමින්ද Tuesday, 23 June 2020 07:13 AM
උදේ 6.30 සිට සවස 4.30 දක්වා හෝ වෙනත් ක්‍රමයකට දීර්ඝකිරීම ඡන්දදායකයින්ට ඉතාම ශුභයි.නමුත් රාත්‍රී 10 දක්වා දීර්ඝකලත් තවත් වේලාව තියෙනවා කියමින් සිටින පිරිස්ද සිටිනබව සිතන්න හැකිවේවා!!! මෙයින් තැලෙන්නේ ඡන්ද ස්ථානාධිපති සහ කාර්ය මණ්ඩලයේ අයයි.ඇයිද කියනවානම් ඡන්දයට පෙරදින අළුයම ඡන්ද පෙට්ටි ගැනීමට යාමත් පෙට්ටි භාරගැනීමෙන් පසුව මධ්‍යස්ථානයට ගොස් කෙලවරක් නැති ආතෘති පිරවීම විවිධ පිරිස්වලට(විශේෂයෙන් දඩබ්බර අපේක්ෂකයින්ට) උත්තර සැපයීම හරියට කෑමක් බීමක් මෙන්ම රාත්‍රියට නින්දවත් නොමැතිව සිට අළුයම 4 ට පමණ සිට නැවත රාජකාරියේ යෙදීමට සිදුවීම වැනි කටයුතු කෙලවරක් නැහැ.මේ අතර හොර ඡන්ද දැමීම විමසා බැලීම නිරීක්ෂකයින්ට වාර්ථාදීම හා මැතිවරණය අවසන්ව නැවතත් කෙලවරක් නැති ආකෘති පිරවීමත් ඉතාම හිංසාකාරීවේ.ඡන්ද පෙට්ටි රැගෙන ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගියවිටද එහිදී සිදුවන හිංසා කාට කිවයුතුද මෙවාට විසඳමක් යොදා කාලය කොතරම් දිගුකලත් වරදක් නැතැයි රාජ්‍ය සේවයේ මැතිවරණ අත්දැකීමි ඇති විරාමිකයෙකු ලෙස කිවහැකිය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

