අහිතකර බැක්ටීරියා ඇතුළු ජීවීන් අඩංගු පොහොර තොගයක් නෞකාවකින් මෙරටට රැගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුවට නිකුත් කොට ඇති වාරණ නියෝගය ලබන වසරේ ජනවාරි 6 වෙනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු මහතා අද (23දා) නියම කළේය.
පනවා ඇති වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරනවා ද නොඑසේ නම් ඉවත් කරනවා ද? යන්න පිළිබඳ නියෝගය එදින ප්රකාශයට පත් කරන බවද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
බාල පොහොර ගෙන්වූ බව කියන චින්ඩාවෝ සිවින් බයොටෙක් ගෘප් කොම්පනි නමැති චීන සමාගමට සහ එහි දේශීය නියෝජිත වරයාට එරෙහිව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සම යළි කැදවු අවස්ථාවේ දී ඉදිරිපත්වූ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.