COVID-19 වෛරසය ආසාදිත වූවන්ට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ලබාදීමට China State Construction සමාගම විසින් මුව ආවරණ 4000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දි තිබේ.
මෙම ප්රදානය එම සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබාදුන්නේය.
ශ්‍රි ලංකාවේ කොවිඩ් සටන වෙනුවෙන් චීන සමාගම් අඛණ්ඩව සහාය දක්වමින් සිටින අතර මේ වන විට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු කරන චීනයේ සෑම සමාගමක්ම පාහේ ඒ වෙනුවෙන් උපකාර කර තිබේ.
මේ අතර ඊයේ රාත්‍රියේද අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ රැගත් චයනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
