චීන ජාතිකයෙක් සමග කළ ක්‍රෙඩිට් කාඩ් වංචාව
ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරමින් මාර්ග ගත ක්‍රමයට භාණ්ඩ අලෙවිකරන ස්ථානයට රුපියල් 787000ක පමණ වංචාවක් කළ සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්වූවන් අතර චීන ජාතිකයන් හා ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් සිටියි.
ගල්කිස්සේ යම් ස්ථානයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් ඔන්ලයින් මගින් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් භාණ්ඩ ඇණවුම් කරන විට එම කාඩ්පත්වල මුදල් ඇති බව පෙන්වූවත් පසුව එහි මුදල් නොමැති බවට පෙන්වන බව අදාළ සමාගම පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වෙයි.
ඔවුන් අත්අඩංගුවට ගත් ස්ථානයේ තිබී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් 30ක් හා ඒවා සකස් කිරීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙසේ ව්‍යාජ ලෙස ලබාගන්නා ද්‍රව්‍ය ඔවුන් විසින් වෙනත් පාර්ශ්ව වෙත අලෙවි කර ඇති බවද මූලික පරීක්ෂණවලදී අණාවරණය වී තිබේ.
මෙම ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් චීන ජාතිකයාගේ සහාය ඇතිව සකස්ක කරන බවත් සැකකරුවන් අද දිනයෙදී ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය
popular news
-
rocky Monday, 21 June 2021 10:21 AM
cheena ape galawum kaarayaa bawa meyin wunath pahadili wenawaa noveda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

