මහ මැතිවරණයෙන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ජයග්රහණය සම්බන්ධයෙන් චීන ජනපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් එක්කර තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්රකාහක් කරන අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නෙ චීන ජනපතිගේ හා චීන කොමියුනිස්ට් පක්ෂයේ සුබ පැතුම් සඳහා ස්තූතිය ප්රකාශ කරන බවයි.
ශ්රී ලංකාවේ සංවර්ධනයට චීනය දැක්වූ සහාය දශක ගණනාවක් පුරා විහිදී යන බව සඳහන් කරන අග්රාමත්යවරයා චීනය හා පවතින දිගුකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් වෙනු ඇති බවයි.