මහ මැතිවරණයේදී ජයග්රහණය ලබමින් ශ්රී ලංකාවේ අභිනව අග්රමාත්ය ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා වෙත චීන අග්රාමාත්ය ලී කෙකියැං සුබ පැතුම් එක්කර තිබේ.
මෙහිදී චීන අග්රාමාත්යවරයා සඳහන් කර ඇත්තේ දෙපාර්ශවීය සබඳතා තර කර ගැනීමට සූදානම් බවයි.
ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා විසින් කැළණිය රාජ මහා විහාරස්ථානයේදී එම සුබ පැතුම් පණිවිඩය අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීය.
