චීනය ලංකාවට නව තානාපතිවරයෙක් පත්කරයි
ශ්රී ලංකාවේ නව චීන තානාපති ලෙස චී ෂෙන්හොංග් මහතා චීන රජය විසින් පත්කර තිබේ. ඔහු අද පස්වරුවේ MU 231ක දරණ චීන ඊස්ටර්ස් ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතය.
නව තානාපතිවරයා ශ්රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව දින 14ක් ස්වයං නිරෝධානයට ලක්වීමට නියමිත අතර ඔහු ෂැංහායි නුවරින් කොළඹ බලා පිටත්වීමට මත්තෙන් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය වී තිබේ. එම පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු සමත්වී ඇති බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ශ්රී ලංකාව තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ හා ශ්රී ලාංකිකයන්ට ගැටලුවක් ඇති නොවන පරිදි ගුවන්තොටුපළේ සංවිධානය කර තිබූ සියලු පිළිගැනීමේ උත්සව නව තානාපතිවරයා විසින් කාරුණිකව ප්රතික්ෂේප කර තිබේ.
ඔහු පිළිගැනීම සඳහා තානාපති කාර්යාලයේ නිලධාරීන් සීමිත පරිසක් එක්වීමට නියමිතය.

popular news
-
Demuni Uduwara Friday, 30 October 2020 04:55 PM
A "media show".
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

