ඕමානයේ සහ චීනයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 306 දෙනෙකු රැගෙන අද (14 දා) සවස ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
සවස 6.30 ට චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් යානයකින් ශ්රී ලාංකිකයන් 10 දෙනෙකු කටුනායකට පැමිණියේය.
සවස 6.55 ට ඕමානයේ මස්කට් නුවර සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් යානයකින් ශ්රී ලාංකිකයන් 296 ක් කටුනායකට පැමිණියේය.
ගුවන් තොටුපළ වෙත පැමිණි සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.