චීනයෙන් ශ්රී ලංකාවට ඩොලර් මිලියන 500ක ණයක්
ශ්රී ලංකාවට ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීම සඳහා ශ්රී ලංකා රජය හා චීන සංවර්ධන බැංකුව අතර ගිවිසුම් අත්සන් කර තිබේ.
බීජිං හි ශ්රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ ශ්රී ලංකා රජය වෙනුවෙන් චීනයේ ශ්රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මේ සඳහා අත්සන් කළ බවයි.
ශ්රී ලංකාවේ විදේශ විනිමය ගැටලුවට විසඳුමක් ලෙස හා කොවිඩ් 19 හේතුවෙන් සිදුව ඇති ආර්ථික සංකෝචනයට විසඳුමක් ලෙස මෙම ණය ශ්රී ලංකාවට ලබාදෙන අතර ඒ අනුව ශ්රී ලංකාවට වේගවත්ව ආර්ථිකය යථාතත්ත්වයට පත්කර ගත හැකි වෙනු ඇතැයි තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ තානාපතිවරයා සඳහන් කළේ ශ්රී ලංකාවට ඩොලර් මිලියන 500ක් ලැබීමත් සමග ශ්රී ලංකාව කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිවෙනු ඇති බවයි.
ශ්රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියනක් ලබාදීම සඳහා පසුගිය වසරේදී ගිවිසුම් ගත වූ අතර එයින් ඩොලර් මිලියන 500ක් පසුගිය වසරේදී නිකුත් කර ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 500 මේ අනුව නිකුත් කෙරෙනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

