කොරෝනා වෛරසය රට තුල පාලනය හා මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙලට අනුව මෙරට සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් චීන රජය විසින් රු මිලියන 600 ක වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුලු සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් පරිත්‍යාග කිරිම සිදු විය.
එය ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති HuWei මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්රදානය කරන ලදි.
මෙම ප්රදානය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ දී සිදු කෙරුන අතර, මුව ආවරණ, සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ රැසක් ඒ අතර විය.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය -
“අතීතයේ සිටම චීන රජය අප රටට උදව් උපකාර කළ ලොව බලවත් රාජ්‍යයක්. චීනය තුලින් රෝගය වාර්තා වන විට අප රටේ තීන්දුව වුණේ චීන රජයට අප රජයේ සම්පූර්ණ සහයෝගය ලබාදිය යුතු බවයි. අද දින මිලියන 600කට අධික කොවිඩ් මර්දනයට අදාල උපකරණ ඇතුලු වෛද්‍ය උපකරණ ලබාදීමට චීන රජය කටයුතු කර තිබෙනවා. චීන රජය අප රටේ ජනතාව ගැන අනුකම්පාව දක්වා ගත් උත්සාහය අප අගය කරනවා.
ඒ කාලයේ චීන ජාතිකයින් 10,000 ක් පමණ චීන අවුරුද්ද අවසන්ව ලංකාවට ආවත් සෞඛ්‍ය උපදෙස් නියමිත පරිදි පිළිපැද්ද නිසා චීනයෙන් පැමිණි කිසිදු කෙනෙක් අපේ රටේ ජනතාවට මෙම රෝග බෝ කළේ නැහැ. අප රටට ආදරයෙන් විශාල මුදලක් කැප කරමින් කටයුතු කරන චීන රජයට ශ්‍රී ලංකාවේ ගෞරවය රජය වෙනුවෙන් මම පුද කරනවා.”
