නව කොරෝනා වසංගතය පාලනය කිරීමට චීනයට හැකියාවක් ඇති බවත් චීන අලුත් අවුරුදු උදාවෙන් පසු චීන ජාතිකයන් ලංකාවට පැමිණිමේදී ලාංකික මහජනතාව බියවීමට හේතුවක් නොමැති බවත් චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා චීනය පියවර ගෙන ඇති බවත් එම තානාපති කාර්යාලය පවසයි.
01 වූහාන් නගරය වෙත පිටවීම හා ඇතුළුවීම තාවකාලිකව නවතා ඇති අතර එහි වෙසෙන ජනතාවට ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවල් කරා ගමන් කිරමට ඉඩ නොමැත.
02 නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස චීන තානාපති කාර්යාලය හුබෙයි පළාතේ චීන සමාගම් සේවකයන්ට උපදෙස් දී ඇත. එසේම වෙනත් පළාත්වලින් හා නගරවලින් ශ්‍රි ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට ලංකාවට පැමිණ අවම වශයෙන් දින 14ත් නිරෝධායන කාල සීමාවක් ගත කරන ලෙස දැනුම් දී තිබේ.
03 චීන බලධාරීන් විසින් සියලුම කණ්ඩායම් චාරිකා අත්හිටුවා ඇත.
04 රෝගී යැයි සැක සහිත පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම සඳහා චීන බලධාරීන් විසින් සියලුම ගුවන්තොටුපොළ හා ප්‍රවාහන මධ්‍යස්ථාවල දැඩි පරික්ෂණ හා උණ හඳුනා ගැනීමේ පියවර ගෙන තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_749dc7a6e2.jpg)