චීනයෙන් ගෙන්වූ පාරිභෝජනයට නුසුදුසු ටින්මාලු ප්‍රතිඅපනයනය කරයි
පරිභෝජනයට නුසුදුසු පැවතිය යුතු ආසනික් ප්‍රතිශතය ඉක්මවා අඩංගු ටින් මාලු බහාලුම් තොගයක් යළිත් චීනය වෙත ප්‍රතිඅපනයනය කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විමර්ශන වලින් පසුව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශයේ නිලධාරීන් විසින් යළි මෙසේ එම ටින්මාලු ප්‍රතිඅපනය කළේය.
ඉකුත් ජූලි සහ ඔක්තෝබර් මාස අතර රුපියල් තුන් කෝටි අසූ හතර ලක්ෂයක් (3,84,00,000) ක් වටිනා මෙට්‍රික් ටොන් 768 ක් බර ටින් මාලු අඩංගු බහාලුම් 48 ක් චීනයෙන් කොළඹ වරාය වෙත ගෙන්වා තිබුණි.
මෙම ටින් මාලු වල අඩංගු විය යුතු ආසනික් ප්‍රතිශතය නියමිත ප්‍රමාණය ඉක්මවා පවතින බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
විශේෂයෙන් S.L.S.-591- 2014 ප්‍රමිතියට අනුකූල නොවන බව එම විමර්ශන වලදී සොයාගෙන තිබුණි .
මෙම බහාලුම්හි පළමු තොගය ලෙස බහාලුම් 02 ක් 12/17 දින උදෑසන චීනය වෙත කොළඹ වරායෙන් ප්‍රති අපනයනය කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

