ගෝඨාගේ නඩුව යළි කැඳවිම 11 වෙනිදා
වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේයැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහව පවරා ඇති නඩුව ලබන 11 වැනිදා යළි කැදවීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (03) නියම කළේය.
මෙම නඩුවේ විත්ති පාර්ශවයට ලබාදිය යුතු සියළුම ලේඛණ ලබාදී ඇද්ද යන්න සොයා බැලීමට මෙම නඩුව කැදවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එලෙස නියම කළේය.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුලත් වෙති.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ලෙස නීතීපතිවරයා විසින් පොදු දේපළ පනත සහ දණ්ඩ නීතී සංග්‍රහය යටතේ පවරන ලද මෙම නඩුවේ විත්තිකරුවන් වන හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඞී. මහින්ද සාලිය සහ එම්.ඒ. ශ්රිමති මල්ලිකා කුමාරි සේනාධීර යන හත්දෙනා අධිකරණයේ පෙනී සිටියහ.
අධිකරණයේ අවසර මත විදේශගතවී සිටින හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හැර සෙසු විත්තිකරුවෝ මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියහ.
මනෝප්රිය ගුණසේකර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
