ගුවන් විදුලිය යළිත් හඩ්සන්ට
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හඩ්සන් සමරසිංහ මහතා පත්ව තිබේ. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළදීද ඔහු එම ධුරයේ කටයුතු කරනු ලැබීය.
හඩ්සන් සමරසිංහ මහතා 1969 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වූයේ ගුවන් විදුලි වැඩසටහන සම්පාදකයකු ලෙසිනි.
එහි සභාපති හා අධ්යක්ෂ ජනරාල් තනතුරට 1989 දී ඔහු පත්වූයේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජය යටතේය.
2003 වසරේ දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළිත් ඔහු ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා ලෙස පත්කළ අතර මහින්ද රාජපක්ෂ මහතා විසින් ද 2007 වසරේ දී ඔහු එම තනතුරට පත් කරනු ලැබිණි. හඩ්සන් සමරසිංහ මහතා 2015 වසර දක්වා එම තනතුර හෙබවීය.
ඒ අනුව මෙවර ඔහු එම ධූරයේ රාජකාරී භාරගෙන ඇත්තේ සිවුවැනි වරටය.
ලාංකීය ගුවන් විදුලි වංශ කතාවේ පලමු එෆ්.එම් නාලිකාව වන සිටි එෆ්.එම් හි නිර්මාතෘවරයා වන්නේ ද හඩ්සන් සමරසිංහ මහතාය.
ඔහු 1991 දී එක්සත් ජාතික පක්ෂය නියෝජන කරමින් පාර්ලිමේන්තුවට ද පත්විය.
ඩයනා උදයංගනී
popular news
- 
                            
Rocky Wednesday, 30 June 2021 06:44 PM
Methumaa path karanu labeema mama athishayinma agaya karami. Pasu giya kaalaye siti Lokkan - his pambayin ge keruwaawan dutu mama methumaa mema thanathurata path wewaayi praarthanaa kalemi. Deshapaalanaya kumak wuwath ethumaa mema kshethraye diyunuwata yamak karanu athayi mama wiswaasa karami. Mehidee api oba samagayi,Hudson mahaththayo!!
Reply : 1 2
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                