ගුවන්තොටුපළේ තත්ත්වය ඉතාම කනගාටුදායකයි
කටුනායක ගුවන්තොටුපළෙහි මේ වනවිට පවතින දැඩි ලිහිල් ප්‍රතිපත්ති හේතුවෙන් ගුවන් මගීන්ට සෞඛ්‍ය අංශ මගහැරයාමේ අවස්ථා ඇති බවට වාර්තාවී ඇති බවත්, ඒ හරහා අප්‍රිකානු රටවල් කිහිපයකින් මේවන විට හඳුනාගෙන ඇති භයානක කෝවිඩ් ප්‍රභේදය ඕනෑම මොහොතක රටට ඇතුළට පැමිණිය හැකි බවත් සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
හෙතෙම මේ බව පවසා සිටියේ, අප්‍රිකානු රටවල් කිහිපයකින් මේ වනවිට හඳුනාගෙන ඇති විකෘතිතා බොහෝමයක් සහිත නව කෝවිඩ් වෛරස ප්‍රභේදය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල්රෝහණමහතා,
"අපි මේ ඉන්නෙ කෝවිඩ් ආසාධිතයන් හා මරණ සංඛ්‍යාව ක්‍රමිකව වැඩිවෙමින් පවතින අවස්ථාවක. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිටත් බරපතළ ලෙස අනතුරු අඟවලා තියෙනවා දකුණු අප්‍රිකානු රටවල් කිහිපයකින් හඳුනාගෙන ඇති සියයට පන්සියයක වේගයෙන් පැතිරී යාහැකි නව වෛරස් ප්‍රබේදයක් පිළිබඳ. එසේ කරුණු දක්වා තිබියදීත් අපේ ඇතැම් පිරිස් කටයුතු කරන ආකාරය ඉතාම ඛේදනීයයි.
මේ වනවිට රටවල් හතක සිට ගුවන් ගමන් නවතා තිබෙනවා. ඉන් කිසිසේත් කියන්න බැහැ වෙනත් රටවල මේ ප්‍රභේදය නැහැකියලා. ලංකාව ඇතුළටත් මෙම ප්‍රභේදය ආවෙ නැහැ කියන්න බැහැ. තත්ත්වය එසේ තිබියදී අපේ ගුවන්තොටුපළේ තත්ත්වය ඉතාම කනගාටුදායකයි. එහි සෞඛ්‍ය පිළිබඳ අවේක්ෂණය කළත් එය සිදුකරන්නෙ නොසැලකීම් මැද. මේ වනවිටත් මගීන් සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරන ස්ථානයට පැමිණෙන්නේ රේගු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ආදී ආයතන කිහිපයක් පසුකරගෙන භාණ්ඩ මිලදීගෙන බොහෝ ස්ථානවලට නිරාවරණය වීමෙන් අනතුරුවයි. ඒ අනුව එතැනට පැමිණෙන තෙක් සිටින නිලධාරීන්, සේවකයන් දැඩි අවදානමකට ලක්වෙමින් ඉන්නෙ. ඒ වගේම ගුවන්තොටුපළෙහි මේ වනවිට ඇති දැඩි ලිහිල් ප්‍රතිපත්ති හේතුවෙන් මගීන්ට සෞඛ්‍ය අංශ මගහැර යාමේ අවස්ථා ඇති බවද වාර්තා වෙනවා. ඒ හේතුවෙන් භයානක කෝවිඩ් ප්‍රභේද ඕනෑම මොහොතක රට ඇතුළට එන්න පුළුවන්.
ඒ නිසා අපි බලධාරීන්ට අනතුරු අඟවනවා රටේ සියලුම කටයුතු පවත්වාගෙන යායුතුයි වගේම ජනතාවගේ ජීවිත ආරක්ෂාව මුල් වියයුතුයි. එමනිසා ජනතාවගේ ජීවිතවලට වටිනාකමක් ලබාදී ගුවන් මගීන් හෝ සංචාරකයන් ගෙන්වාගැනීමට කටයුතු කළ බව අපි දැඩිව අවධාරණය කරනවා. අපි පර්යේෂණ කරන ප්‍රමාණය මතයි මේක පදනම් වෙන්නෙ. ඒ නිසා නිසි ධාරිතාවෙන් පරීක්ෂණ සිදුකළොත් ලෝකෙ තවත් රටවල මෙන්ම ලංකාවේද අදාළ ප්‍රභේදය හඳුනාගත හැකිවේවි" යැයි පවසා සිටියේය.
කුලියාපිටිය - දිනේෂ් උපේන්ද්‍ර
popular news
-
Demuni Uduwara Sunday, 28 November 2021 10:15 PM
Authorities should pay due heed to what PHI Head says and remedial action is a must! Omicron is highly transmissible than Delta.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

