මහත් ආන්දෝලනයකට තුඩුදී තිබූ ඌව හිටපු ප්‍රධාන ඇමති ( වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී) චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් මහත්මිය දණගැස්වීමයැයි පැවසුන නඩුව ,බදුල්ල සමථමණ්ඩලයේදී (11) දා දෙපාර්ශවය විසින් සමථයට පත්වීමෙන් අවසන්විය.
භවානි මහත්මිය විසින් බදුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක අනුව බදුල්ල පොලිසිය විසින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවර තිබිණ .
එහෙත් නීතිපති උපදෙස් මත මෙම නඩුව සමථ මණ්ඩලයට යොමුකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණ.
ඒ අනුව බදුල්ල සර්වෝදය මධ්‍යස්ථානයේදී පැවැත්වූ සමථ මණ්ඩලයට (11) දා දෙපාර්ශවයම කැඳවා තිබිණ මෙහිදී තමා සමථකයට පත්වීම කැමැති බව භවානි මහත්මිය විසින් දන්වා සිටිඅතර චාමර සම්පත් දසනායක මහතාද එයට එගවිය .
මෙම සමථයෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ චාමර සම්පත් දසනායක මහතා මෙසේ පැවසීය .
“දේශපාලන පක්ෂයක ට අයත් වෘත්තිය සමිතියක කීපදෙනෙක් මාගේ දේශාපන ජීවිතයට හානි කිරීමේ අරමුණින් මෙම විදුහල්පතිනිය උපයෝගි කරගනිමින් අසත්‍යය වැපුරුවා. මාධ්‍යවලින් පවා විශාල ප්‍රසිද්ධියක් ලබාදුන්නා. නමුත් සත්‍යය හෙළිවතුරු මා නිහඩව සිටියා.
මේ මඩ ව්‍යාපාරය නිසා ඒ සමගම පැවැති පළාත් සභා මැතිවරණයේදී මගේ බිරිඳ පැරදුනා. මගේ දරුවන් පාසැල්වලට දී අපහසුතාවයට පත්වුණා. ටිකෙන් ටික ජනතාවට තේරුනා මේ අනුන්ට මඩගසා බලයට එන්නට දගලන කීපදෙනෙකුගේ උත්සාහයක් බව ඒකට හොඳ උදාහරණයක් තමයි ඊට පසු පැවැති මහ මැතිවරණයේදී විශිෂ්ඨ ජයක් ලබා මා පාර්ලිමේන්තුවට පත්වීම..
කොහොම නමුත් මේ විදුහල්පතිනිය ගැන මට කණගාටුයි. අද ඇය තනිවෙලා. අවස්ථාවාදීන් වැඩේ කරගෙන විදුහල්පතිනිය තනි කරලා. සමථ මණ්ඩලයේදී නඩුව අනවශ්‍ය බව ඇය කියා සිටියා.”
භවානි රඝුනාදන් මහත්මියගෙන් මාධ්‍ය වේදීන් කළ විමුසුමේදි ඇය මෙසේ පැවසීය .
ඇත්තම මෙසේ නඩුවක් දැමීම කළේ මාගේ උවමනාවට නොවෙයි. එදා කීපදෙනෙක් මේ සදහා මට බල කලා. මට වඳින්න කියලා මහ ඇමතිතුමා අණකලේ නැහැ. මම එතුමාට ආචාරකළා.මේ සිද්ධිය ලොකුවට ප්‍රසිද්ධියක අරන් මාවත් ආමාරුවේ දාපු අය කවුරුවත්අද මා වටා නැහැ .
මහ ඇමතිතුමතාට සිදුවූ අපකීර්තිය පිළිබදව මා අද අවංකමව කණගාටු වෙනවා. මානව හිමිකම් නඩුවද ඉල්ලා අස්කර ගන්නවා”
පාලිත ආරියවංශ
