
මාස ගණනක සිට පොළොන්නරුව ගිරිතලේ වැව අසන්නයේ වලස් බෝක්කුව ප්‍රදේශයේ පාදයක තුවාල ලබා සිටි වන අලියා ඊයේ (30දා) පස්වරුවේ මිය ගිය බවත්, මිය යන තෙක්ම වනජීවී නිලධාරීන් හට එම අලියා බේරාගත නොහැකි වූ බවත් ප්‍රදේශවාසීහු පවසති.
මෙම අලියා මාස ගණනක් කකුලේ තුවාලයක් නිසාවෙන් දුක් විඳිමින් සිටියද ඒ සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්විට පැමිණ බෙහෙත් ටිකක් දී ගිය බවත්, නමුත් ඒ සතාට අවශ්‍ය ආහාර පාන කිසිවක් නොදී බෙහෙත් පමණක් ලබාදීම කිසිසෙත් එම සතා නිරෝගී වීමට හේතුවක් නොවන බවත් ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් පොළොන්නරුව ප්‍රදේශය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්. ඩී. එම්. ඡේ. වික්‍රමතිලක මහතාගෙන් විමසා සිටි අතර එහිදි ඔවුන්ට තිබෙන පහසුකම් මත අලියා සුව කර ගැනීමට දැඩි වෙහෙසක් දරා ප්‍රතිකාර කළ නමුත් අලියා මිය ගිය බවත් සඳහන් කර සිටියේය.
හිඟුරක්ගොඩ - ඩබ්. ඒ. පියතිලක