මීටියාගොඩ පොලිස් වසමේ ගින්නරුව පාර වේරගොඩ ප්ර දේශයේදී මීටියාගොඩ පොලීසියට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර කාණු දෙකේ තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද දහවල් 12ට පමණ කැරලියන්ගොඩ, කහව ප්ර දේශයේදී මිලි මිටර් 9 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වරයක් සමග තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් අවුරුදු 22 හා 23 යන වයස්හි පසුවන වේරගොඩ හා කහව ප්ර දේශයේ පදිංචිකරුවන් වෙයි.
මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර කළ ප්රශ්න කිරිමේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අණාවරණය කරගැනීමට හැකිව තිබේ.
එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාදෙී ඔවුන් පැමිණි යතුරුපැදියා හා ඔවුන් සන්තකයේ තිබූ මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවි දෙකක් එම උණ්ඩ 7ක් දමා පළාගොස් තිබේ
පළා ගිය සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව මීටියාගොඩ පොලීසිය පවසයි.
