ගිනිගත් නැවේ තිබුණු ප්ලාස්ටික් වලින් සීයට 60ක් නෑ
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික්වලින් 40%ක් පමණක් ගොඩබිමට ගසාවිත් ඇති බවත්, එසේම ඉතිරි 60෴ට සිදු වූ දෙයක් මේ වනතෙක් වාර්තා වී නොමැති බවත් පරිසර අමාත්‍යාංශය කළ සොයා බැලීමකදී අනාවරණය වී තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් නොවුණද ඇතැම් විට එම ප්ලාස්ටික් ගිනි ගෙන විනාශ වන්නට ඇති බවත්, නොමැති නම් ඒවා මත්ස්‍යයින් විසින් ආහාරයට ගෙන හෝ මුහුදේ දියරැළි සමග වෙනත් ප්‍රදේශවලට පාවී යන්න ඇති බවට විශ්වාස කෙරෙන බවත් පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට ගොඩ බෑම සඳහා නෞකාවෙන් රැගෙන ආ භාණ්ඩ වර්ග 190කට අධික සංඛ්‍යාවක් තිබී ඇති බව පවසන එම අමාත්‍යාංශය පෙන්වා දුන්නේ, ඉන් වැඩි ප්‍රමාණයක් ප්ලාස්ටික් වර්ග වන බවයි.
ඒ අනුව වෙරළට ගොඩ ගසා තිබූ ප්ලාස්ටික් අඩංගු බහලුම් 44ක් වත්තල ප්‍රදේශයේ රඳවා තබා ඇති අතර, එම බහාලුම්වල ප්ලාස්ටික් ටොන් 1,034ක් ඇති මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කර ඇත.
කෙසේ වුවද සාගරයට එක්වර වැඩිම ප්‍රමාණයක් ප්ලාස්ටික් එක් වූ පළමු අවස්ථාව මෙය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළ බවද පරිසර අමාත්‍යාංශය පෙන්වාදෙයි.
popular news
-
sri lanka Wednesday, 30 June 2021 09:50 AM
oya waraya amati tuma eapatthe giya nada.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

