ගිනිඅවි දෙකක් සමඟ දඩයමේ ගිය දෙදෙනෙකු අත්අඩංගුවට
තිස්සමහාරාම බෙරලිහෙල ප්රදේශයේ රක්ෂිත ප්රදේශය තුල දඩයමේ ගිය පුද්ගලයින් දෙදෙනෙකු මස් කිලෝග්රෑම් 22යි ග්රෑම් 500ක් හා මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සමග අද (31) අත්අඩංගුවට ගැනීමට කතරගම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු සමත්වූහ.
කතරගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙත ලද තොරතුරක් මත නිලධාරීන් අද පෙරවරුවේ තිස්සමහාරාම බෙරලිහෙල කුඩා ගම්මාන 04 රක්ෂිත ප්රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත. එම අවස්තාවේදී රක්ෂිතයේ දඩයමේ ගිය සැකකරුවන් දෙදෙනෙකු මරා මස් කරන ලද මුව මස් කිලෝග්රෑම් 20 යි ග්රෑම් 200 ක් වියලි ගෝන මස් කිලෝග්රෑම් 2 යි ග්රෑම් 300ක් හා මෙරට නිෂ්පාදිත ගිනිඅවි 02ක් සමග අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම බෙරලිහෙල කුඩා ගම්මාන 04 ප්රදේශයේ පදිංචි 24 හා 41 යන වයස්වල පසුවන පුද්ගලයින් බව නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කතරගම පොලීසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
