ශ්‍රී ලංකාව තුල, පුල්ලී වී කුරැල්ලන්ගේ ( Scaly-breasted Munia/Spotted Munia ) ගහණ ඝනත්වය කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත්,මේ තත්වයට හේතු වී ඇත්තේ,ඉතා හානිකර,ආක්රමණික ශාකයක් වන ගිනි තණකොළ ශාකයේ (Guinea Grass)- Panicummaxicumඅධික ව්‍යාප්තිය බවත්, ජේෂ්ඨ පරිසරවේදියකු මෙන්ම පරිසර නීතිවේදියකු වන ජගත් ගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා පවසන්නේ, පුල්ලී වී කුරැල්ලන්ගේ ගහන වර්ධනයට සහ ව්‍යාප්තියට මෙම ශාකය සෘජුව බලපා තිබෙන බව මෙි සම්බන්ධව සිදුකල සොයා බැලීමේදී අනාවරණය වු බවයි.
“ගිණි තනකොළ ඇති විශාල පුෂ්ප මංජරිවල විශාල වශයෙන් බීජ තියෙනවා. මෙි කුඩා බීජ මෙි සතුන්ගේ ප්‍රියතම ආහාරයක්, ගිණි තනකොල ශාකය මේ වනවිට ආක්රමණික ශාකයක් ලෙස විශාල හා සීඝ්‍ර ව්‍යාප්තියක් දකින්න ඇති නිසා, පුල්ලි වී කුරැල්ලන්ගේ, ගහන ඝනත්වය වගේම ව්‍යාප්තිය වැඩිවෙන්නත්,බලපාලා තියෙනවා ඒ මහතා පවසයි.
ශ්‍රී ලංකාවෙි හමුවන වී කුරැලු විශේෂ 05න්, සුලභතම විශේෂ දෙකෙන් එකකු වන පුල්ලි වී කුරැල්ලාට දුඹුරැ පැහැති හිසක් සහ ශරීරයක් තිබෙි. ලය හා උදරය සුදු පැහැති අතර, එහි පිහාටුවල දාර දිගේ වැටි තිබෙන කලු පැහැය නිසා, කොරල රටාවක් සේ පෙනේ.
පහතරට තෙත් සහ වියළි කලාපයන්හි, මෙන්ම ඉහළ කඳුකරය දක්වා, පුලුල් ව්‍යාප්තියක් පෙන්නුම්කරන මෙම පක්ෂියා,සාමාන්‍ය යෙන්, රංචු වශයෙන් දක්නට ලැබේ.ධාන්‍ය ආහාරයට ගන්නා , පුල්ලි වී කුරුල්ලා බොහෝ විට කුඩා බීජ සහිත,තෘණ බීජ ආහාරයට ගන්නා අතර, මෙම කුරැලු විශේෂයේ ගහණ ඝනත්වය ඉහළයාම, වී වගාව ව්‍යාප්තව ඇති ප්‍රදේශවල අස්වැන්නට අහිතකර ලෙස බලපෑ හැකි බවද, ජගත් ගුණවර්ධන මහතා පවසයි.
“ ගිණි තනකොල ශාකය මෙරටට හදුන්වා දුන්නේ, ගෝචර ශාකයක් ලෙසයි. නමුත් මේ වෙනකොට මෙි ශාකය,ඉතා හානිකර ආක්රමනික,ශාකයක් ලෙස හදුනගෙන තියෙනවා.එම ආක්රමණික ශාකය හේතුවෙන්, පුල්ලී වී කුරැල්ලාගේ ගහන ඝනත්වයත් වැඩි වී තියෙනවා. මේ තත්වය වී භෝගය ව්‍යාප්ත ප්‍රදේශවල අස්වැන්න අඩුවීම කෙරහිත් බලපෑ හැකියි.’’ ඒ මහතා තවදුරටත් පැවසීය.
නයනජීව බණ්ඩාර
