ගෑස් සමාගමේ නිලධාරීන්ට දැඩි දඬුවම් දෙන ලෙස ඉල්ලා පොහොට්ටු මන්ත්රීන්ගෙන් දේව කන්වලව්වක්
ගෑස් ලිප් පිපිරීමෙන් ජනතාව පීඩාවට පත් කළ මෙරට ගෑස් සමාගම්වල අදාළ බලධාරීන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා දේව කන්නලවක් අද (16) පෙරවරුවේ සීනිගම දේවාලයේදී පැවැත්විණි.
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්රී හා හික්කඩුව නගර සභාවේ වැඩ බලන සභාපති මිනෙල් සෙම්බකුට්ටි මහතා ඇතුළු පාලක පොදු ජන පෙරමුණ පක්ෂයේ නියෝජිතයින් පිරිසක් විසින්ම මෙම දේව කන්නලව්ව පැවැත්වීම සුවිශේෂි සිද්ධියක් විය.
ගෑස් ලිප් පිපිරවීමෙන් ජනතාව පීඩාවට පත් කරවා රජය අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය මේ සඳහා යොමු කරවන මෙන් ද ඒ ඉල්ලීම ඇතුළත් දැන්වීම් පුවරුද ඔවුහු සීනිගම දේවාල භූමියේදී ප්රදර්ශනය කරමින් මෙම දේව කන්නලව්ව පැවැත්වූහ.
(කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත)



popular news
-
දාස Thursday, 16 December 2021 09:53 AM
මොනවද මේ බොරු නීල කාස හොර හැත්ත , තොපි ගිනිතියාගෙන මැරියල්ලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

