“රජයක් කියලා තිබ්බට පාර්ලිමේන්තුවේ අපි දකින්නේ ඒ ගොල්ලෝ රණ්ඩු වෙනවා විතරයි. ජනතාවගේ ප්‍රශ්න ගැන කිසිම විදියකට බලන්නෙ නෑ. අද වෙනකම් මේ සිද්ධිය පිළිබඳව කිසිම කෙනෙක් අඩුම ගානේ කනගාටු වත් ප්‍රකාශ කරලා නෑ. මගේ දරුවෝ හතර දෙනත් එක්ක මම ගොඩක් අසරණ වුණා“ යැයි මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ දී ගෑස් කාන්දුවක් හේතුවෙන් පිළිස්සී මියගිය කාන්තාවගේ දේහය ඊයේ (12) රාත්‍රියේ මාතලේ, විල්ගමුව පිහිටි ඇගේ නිවසට රැගෙන ඒ මෙන් පසු මියගිය කාන්තාවගේ සැමියා වන ආර් ඩි සුදත් සිරිමාන්න මහතා (සමෘද්ධී සංවර්ධන නිළධාරී ප්‍රා දේශිය ලේකම් කාර්යාලය විල්ගමුව ) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය.
අනතුරින් මියගොස් ඇත්තේ පී. ඩි අශෝකා ප්‍රියංගනී නම් වයස අවුරුදු 50ක කාන්තාවක් වන අතර ඇය දරුවන් 04 දෙනෙකුගේ මෑණියන් කෙනෙකි, ඔවුන් විල්ගමුව, පිදුරුවැල්ල , දේවගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවන් වෙති. දරුවන්ගේ අධ්යාපනයන සදහා මහනුවර කුණ්ඩසාය, නත්තරංපොත ප්‍ර දේශයේ කුලි නිවසක වාසය කර ඇත.
ඇය මෙම අනතුරට මුහුණ දී දෙසැම්බර් 01 දින වන අතර, ගෑස් ලිප පිපිරීමත් සමඟ ප්‍රතිකාර සදහා ඇය මහනුර රෝහලට ඇතුලත් කර ඇති ඇතර, දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 10 වන දින මියගොස් ඇත. ඇයගේ සිරුරු ඊයේ රාත්‍රි (12) ඇය ස්ථිරව පංදිචිව සිටි විල් ගමුව ප්‍ර දේශයට රැගෙන විත් ඇත.
මියගිය කාන්තාවගේ සැමියා වන ආර් ඩි සුදත් සිරිමාන්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් “ මේ රජයේ අදූරදර්ශී පිළිවෙත නිසා අහින්සක මිනිසුන්ගේ ජීවිත නැති වෙනවා. මිනිසුන්ගේ දෛනික ජිවිතය නැති වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය නැති වෙනවා. මේ රටේ ජනාධිපතිවරයා ඉදන් මන්ත්‍රි ඇමතිවරු, විපක්ෂය ට මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. මොකද මේ රටේ සමාගම් වලට ඕන ඕන විදියට අහින්සක මිනිසුන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න ඉද දෙන්න එපා කියලා ඉල්ලිමකුත් මම මේ අවස්ථාවේදි සිදු කරනවා.
ගෑස් කියන එක වසංගතයක් බවට පත්වුණා. ඒකට කිසිම විදිහකින් පාලකයෝ පිළිතුරක් ලබා ගත්තේ නෑ. දරුවෙකුට අම්මා කෙනෙක් නැති උනොත් ඒක විශාල වේදනාවක්. අද මේ මුළු විල්ගමුව කට්ටිය ඇඬු කඳුළෙන් ඉන්නේ.
විල්ගමුව වැනි දුක්බර ප්‍රදේශවල ඉඳලා දුක් විඳලා දරුවන්ට උගන්නන්න ජනප්‍රිය නුවර ප්‍රදේශයේ වැනි පාසල් වලට දරුවන් ඇතුලත් කරල දෙමාපියන් මේ විදිහට කැප කරලා අධ්‍යාපනයේ දරුවන්ට ලබා දෙන්න උත්සාහ කලත් අවසානයේ දෙමව්පියන්ට මෙවැනි දෙයක් සිද්ධ වෙනවා නම් දරුවන්ට යන කල දසාව කුමක්ද ?
ලිට්රෝ සමාගමටත්, රජයටත් විරුද්දව නඩු මගට පිවිසෙන්න දැනටමත් කටයුතු කරමින් යනවා. මම මේ නුඩ කියන්නේ මගේ බිරිදවත් දරුවන් වෙනුවෙන් නෙවෙයි. මේ රටේ මෙවන් වු කේදනීය ඉරනම් වලට ගොදුරුවන අහින්සක ජිවිත වෙනුවෙන්.“ යැයි ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය.
අනතුරින් මියගියඅශෝකා ප්‍රියංගනී මහත්මියගේ අවසන් කටයුතු හෙට (14) විල්ගමුව, දේවගිරිය ප්‍ර දේශයේදි සිදු කිරිමට නියමිතය ඇත.
මහියංගණ - රංජිත් කරුණාවිර