ගෑස් පිපිරීම පිළිබඳ වැනි ප්‍රශ්න පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා සුදුසු රසායනාගාරයක් ස්ථාපිත කරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එවැනි රසායනාගාරයක් රුපියල් මිලියන 250ක් හෝ මිලියන 500ක් යොදවා ස්ථාපිත කළ හැකි බව ඊයේ (02දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.
ගෑස් ප්රශ්නයේදී පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වන්නේ මෙවැනි සුදුසු රසායනාගාරයක් නොමැති වීම බවද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ - ගෑස් ප්රශ්නයේ වාර්තාවක් අද අපිට ලැබෙනවාද කියලා සභානායකතුමාගෙන් අහන්න කැමතියි.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - ඊයේ දිනයේ අපි විශේෂ උපදේශක කාරක සභාවක් රැස් කරන්න කියලා කිව්වා. ඒ අනුව රැස්වුනා. විපක්ෂනායකතුමයි, මන්ත්‍රීවරුයි, ඇමතිවරුයි ඇතුලු සියලු නිලධාරීන් ගෙනල්ලා සාකච්ඡා කළා. ඒ අනුව එම කාරක සභාවේ ගත්ත තීරණය පිළිබඳ වාර්ථාවක් අමාත්‍යවරයා ලබා දෙයි.
එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ - මේකේ ලොකුම ප්රශ්නය තිබෙන්නේ ලංකාවේ නියම රසායනාගාරයක් නෑ. ආණ්ඩුව මම හිතන්නේ මිලියන 250 හෝ මිලියන 500ක් දැම්මොත් මේක කරන්න පුලුවන්. මම හිතන්නේ සුසිල් ප්‍රේමජයන් ඇමතිවරයාගෙන් ඇහුවොත් උපදෙසක් ගන්න පුලුවන්. ඒක කරන්න ඕනි. මේ පරීක්ෂණ කල් යන්නේ ඒ හේතුව නිසා. රසායනාගාර ඇති කරන එකයි ප්‍රධාන දේ.