ගෑස් අනතුරු පිළිබඳ "ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් සිව්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් සිදුකර පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු කරන බව මොරටුව විශ්වවිද්‍යාලය පවසයි.
එහි රසායන සහ ක්‍රියාවලි අංශයේ ප්‍රධානී මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ මහාචාර්යවරු දෙදෙනෙකුගෙන් සහ ආචාර්යවරු දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්ගේ සහය ඇතිව මෙය සිදු කරන බවයි.
මෙහිදී අදාළ ගෑස් අනතුරු සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳවද කරුණු සොයා බැලෙන ඇතැයි සඳහන් කරන ඒ මහතා ඒ සඳහා රජයේ රස පරීක්ෂක සහ විවිධ
විශේෂ පාර්ශවයන් රැසක්ගේ සහයෝගය මත සිදු කළ යුතු බවද පැවසීය
ගෑස් සම්බන්ධ පිපිරීම් සහ ගිනිගැනීම් වාර්තාවීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගත් ගෑස් සාම්පල රසායනාගාර පරීක්ෂණ වෙත යොමුකිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබුණි.
ඊට අදාළ රසායනාගාර වාර්තා 12 ක් වැඩිදුර පරීක්ෂණ සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට යොමුකිරීමට නියමිතය.
ඉකුත් සතියක කාලයේදී දියතලාව,ඇඹිලිපිටිය,මාරවිල,හංවැල්ල,හැටන්, පිළියන්දල,පන්නිපිටිය යන ප්‍රදේශ රැසක ගෑස් කාන්දු සහ ගෑස් ලිප් පිරියම් වාර්තා වී ඇත
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා