ගෑස් කාන්දුවකින් කල්පිටිය කුරක්කන්හේන ගම්මානයේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
කුරක්කන්හේන ගම්මානයේ පිහිටි මෙම නිවසේ වහලය සම්පුර්ණයෙන් තහඩු වලින් සකසා තිබු බවත් බිත්ති සදහා ලී යොදා ගනිමින් ආවාරණය කර තිබු බවද පොලිසිය සඳහන් කරයි.
අද (27) අළුයම මෙම නිවසේ හිමිකාරියගේ දියණිය විසින් ඇගේ වයස අවුරුදු එකක පමන කුඩා දැරියට කිරී සෑදිම සදහා ගෑස් උදුන දල්වා සුළු මොහොතකින් ගෑස් සිලින්ඩරයෙන් විශාල කාන්දුවක් සිදුවු බවත් ඒ සමගම උඳුන පුපුරා ගොස් ගෑස් ගිනි ගැනිමකට ලක්ව ඇති බව නිවසියනක් පොලිසිය පවසා තිබේ.
ගෑස් කාන්දුව සිදුව නිවස ගිනි ගැනිම සිදුවන අවස්ථවේදි එහි කුඩා දැරිය ඇතුළු හත් දෙනෙකු රැදි සිට ඇති බව පොලිසිය පවසයි.
ගිනි ගැනිමේන් නිවසේ හිමිකාරිය හා ඇගේ සොහොයුරාද සුළු පිළිස්සිමකට ලක්ව ඇති බව කියයි.
පොලිසිය පවසන්නේ මෙම නිවසේ කුඩා සිල්ලර වෙළද සැලක්ද පවත්වාගෙන ගොස් ඇති බවයි.
අදාල ගිනි ගැනිමට ලක්වු නිවස පුත්තලම කොට්ඨාශ අපරාධ ස්ථානීය පරික්ෂණ නිළධාරින් විසින් මෙම ස්ථානය විශේෂ පරික්ෂණයට ලක්කර තිබුනී.
මෙම නිවස රජයේ රස පරික්ෂක නිළධාරියා විසින් පරික්ෂා කිරීම සදහා කල්පිටිය පොලිසිය දැනුම් දි ඇති බව කියයි.
සිද්දිය සම්බන්ධව කල්පිටිය පොලිස්ථානාධිපති එම්.අයි.බි.එස්.නිශාන්ත කුමාර මහතා සමග අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක උදය කුමාර මහතා ඇතුළු නිළධාරින් පිරිසක් මේ සම්බන්ධව පරික්ෂණ අරඹා තිබේ.
පුත්තලම හිරාන් ප්රියංකර ජයසිංහ



